ඔබේ මුහුණේ ඇතිවන කුරුළෑ මගින් අනතුරු අගවන සෞඛ්‍ය ගැටළු 5ක්

ශරීරයේ අවයව සමග විවිධ පැති වලින් සම්බන්ද වී ඇති Face mapping යන සංකල්පය පුරාණ චීන ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සමග සම්බන්ධ වී ඇති සංකල්පයකි.මුහුණේ විවිධ කොටස් වල ඇතිවන කුරුලෑ මගින් ශරීරයේ විවිධ ස්ථාන වල ඇති ආබාධ හදුනාගත හැකිය.මෙසේ හදුනාගත හැකි ආබාධ 5ක් පිළිබදව මෙහි දක්වා ඇත.

නළල : ඔබගේ නළල මත කුරුළෑවක් පවතී නම් එයින් අදහස් වන්නේ දිරවීමෙදී පවතින ගැටළුයි.එනම් අක්මාව ආශ්‍රිත ගැටළු හා කුඩා අන්ත්‍රය පිළිබද ගැටළුවක් හෝ ඔබ හිසට භාවිතා කරන නිෂ්පාදන පිළිබද ගැටළුවක් විය හැකිය.ඔබගේ ගැටළුව හිසට භාවිතා කරන නිෂ්පාදන වලනම් එම නිෂ්පාදන භාවිතයෙන් ඈත් වන්න.එසේ නොමැතිනම් හැකි තරම් වතුර බොන්න.නැතහොත් ඔබගේ වෛද්‍යවරයාගේ උපදෙස් ලබාගන්න.

ඇහිබැම : ඇහිබැම මත කුරුළෑවක් පවතී නම් එයින් අදහස් වන්නේ බොහෝ විට ඇස් වටා දුර්වල සංසරණයයි.ශල්‍යකර්ම නිසා, අධික මේද ආහාර හා සකසා තැබූ ආහාර හෝ මත්පැන් භාවිතය නිසා මෙම තත්ත්වය ඇති වේ.ප්‍රතිකාර ලෙස මුහුණ සෝදන සෑම විටම ඇස් වටා සම්භාහනය කිරීම මගින් රුධිරය ගලායාම වේගවත් කරයි.මත්පැන් පරිභෝජනය අඩු කිරීමට උත්සහ ගන්න.වැඩිපුර එළවලු හා පලතුරු ආහාරයට එකතු කර ගන්න.

කන : කන මත කුරුළෑවක් පවතී නම් එයින් අදහස් වන්නේ ඔබගේ වකුගඩු නිසි පරිදි ක්‍රියා නොකරන බවයි.එනම් අවශ්‍ය පරිදි ජලය හා පෝෂණය ලබා නොගන්නා බවයි.මේ සදහා ඔබ වැඩිපුර කැෆේන් ලුණු හා ජලය පරිභෝජනය කරන්න.

නිකට : නිකට මත කුරුළෑවක් පවතී නම් එයින් අදහස් වන්නේ හෝර්මෝන ගැටළු හෝ අපිරිසිදු දෑත් හා නාරිවේද ගැටලුයි.මේ සදහා ඔබට ඔමේගා-3 හෝර්මෝනය හෝ ශරීරයේ ආතතිය ලිහිල්කර ගැනීම සිදුකල හැකිය.ඒ වගේම ඔබගේ දෑත් හා ඇදුම් නිතිපතා සෝදා පිරිසිදුව තබාගත හැකිය.සැක සහිත අවස්ථාවක් නම් වෛද්‍යවරයෙකු හමුවන්න.

කම්මුල් : කම්මුල් වල සාමාන්යෙන් කුරුළෑවක් ඇති වන්නේ දුම් බෝන්නන්ගේය.දුෂිත වායුව අශ්වාශ වීමෙන්ද මෙය සිදුවිය හැකිය.ඒ වගේම අපිරිසිදු කොට්ට හා දුරකථන පරිහරණය නිසාද සිදුවිය හැකිය.මේ තත්ත්වය වළක්වා ගැනීම සදහා දුම්වැටි භාවිතය අවම කිරීම ,පිරිසිදු කොට්ට භාවිතා කිරීම හා ජංගම දුරකථන භාවිතයේදී hands-free එකක් භාවිතා කල හැකිය.

SHOPPING CART

close