කුරුලෑ වලට කහ භාවිතයෙන් විසදුමක්

කුරුලෑ  නිසා යෞවනයන් හා යොවුන් වියේ දරුවන්ට මෙන්ම සියලු දෙනාට  බරපතළ අතුරු ආබාධ ඇති විය හැකි ය.  කුරුලෑ හා එහි ආසාධනය ඉවත් කිරීම සඳහා නිවසේ විවිධ  ස්වභාවික අමුද්‍රව්‍යය   භාවිතා වේ.

කුරුලෑ හා එහි ඇති අසාධන

කුරුලෑ හෝ ඇක්නි වුල්ගරිස් acne vulgaris යනු ලොව පුරා තරුණ තරුණියන් හා බොහෝ අයට  බලපාන සමේ රෝගයකි. වෛද්‍ය අධ්‍යනයට අනුව , සැන්ඩ්රොයිස් ග්‍රන්ථි  බැක්ටීරියාවෙන් ආසාදනය වීමෙන් හෝ දූෂණයෙන් වැසී යාමේ අවහිරතා ඇති වූ විට, කුරුලෑ වර්ධනය වීමට  වැඩි අවස්ථාවක් පවතී. බොහෝ විට, මුහුණේ, පපුව හා පිටුපස ප්‍රදේශවල  කුරුලෑ දැකිය හැකිය.

කුරුලෑ සඳහා කහ භාවිතා කරන විවිධ ක්‍රම :

උපරිම ඵල ලබා ගැනීම සඳහා, කහ  ඵලදායී ලෙස භාවිතා කිරන ආකාරය  පහත සඳහන් කර ඇත.

1. මෘදු මිශ්‍රණයක් සදහා  කිරි තේ හැන්දක්  සමග කහ කුඩු  තේ හැදි  04 ක්  මිශ්‍ර කරන්න . ඔබ කැමති නම් මෙයට මී පැණි ද  එකතු කළ හැකිය. මෙම මිශ්‍රණය පිරිසිදු  බඳුනක  බහා ශීතකරණයේ ගබඩා කරන්න.කුරුලෑ ඇති ප්‍රදේශවල දිනපතා අලේප කරන්න.

2. කුරුලෑ ගැටලුව සඳහා කහ භාවිතා කරන තවත් විකල්පයක්  වන්නේ කහ කුඩු තේ හැදි 08  සමග ඔලිව් තෙල් තේ හැඳි 5 ක් මිශ්‍ර කරන්න.. ඔබ කැමති  නම් ඔලිව් තෙල් වෙනුවට තල තෙල් ද භාවිත කල  හැකිය. කුරුලෑ ඇති  ප්‍රදේශ වල අලේප කරන්න .

3. කුරුලෑ ගැටලුවලින් මිදෙන්නට කහ යොදා සැදූ  මුහුණු ආවරණයක් තෝරාගන්න. කහ කුඩු තේ හැන්දක්  සහ මී පැණි ටිකක් සමඟ යෝගට් තේ හැදී 02  දී මිශ්‍ර කරන්න . එය  කැට  නොසිටන සේ සම්පූර්ණයෙන් ම මිශ්‍ර කරන්න . එය මුහුණේ ආලේප කර   එය වියළීමට ඉඩ දෙන්න;  ඉන් පසුව එය සෝදා හරින්න.  කුරුලෑ වලින්  සම ආරක්ෂා කර ගැනීම සඳහා සති දෙකකට වරක් මෙම ආවරණ භාවිතා කරන්න.  විශේෂයෙන්ම යෝගට් වල   ලැක්ටික් අම්ලය ඇත.

4. ඕට්ස් තේ හැන්දක් සමග  කහ කුඩු  තේ හැදි 2 මිශ්‍ර  කරන්න. එය  නින්දට යෑමට පෙර කුරුලෑ හානියට ලක් වූ ප්‍රදේශ වල එය ආලේප කරන්න . විනාඩි 7-10 ක් පමණ මෘදුව සම්බාහන කර මුළු රෑ  පුරාම එය තබා උදැසන සෝදා හරින්න. දින කිහිපයක් භාවිතා කිරීමෙන් කුරුලෑ ප්‍රමාණය විශාල වශයෙන් අවම කරගත හැක.

5. මුහුණු ආවරණයක් සදහා බිත්තර සුදු මදයක් සමග කහ එක් කර හොදින් ගසා ගන්න.   මෙම මිශ්‍රණය මුහුණේ ආලේප කර විනාඩි 15 කින් පසුව සෝදා හරින්න. බිත්තර  සුවඳ සමග ගැටළුවක් ඇත්නම්, ඒ  සඳහා ලෙමන් යුෂ ටිකක් එකතු කරන්න.

SHOPPING CART

close