විවාහ උත්සවය සැලසුම් කරමු

ඔබගේ විවාහ මංගල්‍යය දිනය යනු  ,ඔබේ ජීවිතයේ වඩාත්ම සොදුරුම, විශේෂිතම වූ  දිනයක් බවට සැකයක්  නැත. එදින අපි බොහෝ දෙන කැමති වන්නේ ඒ දිනයේ සතුටින් හා නිදහසින් සිටීමටයි. නමුත් අපි සැමදෙනාම සිතන පතන ආකාරයට එදින සතුටින් නිදහසින් සිටීමට පුළුවන් වන්නේ නැත. විවාහ මංගල්‍යයක් සැලසුම් කිරීමේදී  ගැටළු රාශියක්  පැන  නැගෙන අතර එය සමග ගනුදෙනු කිරීමට අසමත් වුවහොත් සම්පූර්ණයෙන්ම එය විසදිය නොහැකි ප්‍රශ්න රාශියක් විය හැක. එබැවින්  ඔබගේ විවාහ මංගල දිනය මානසික පීඩනයකින් තොරව , අපහසුතා මග හරිමින් සැලසුම් කර ගැනීමට අවශ්‍යය විශ්ෂිත උපදෙස් රාශියක් දීමට අපි සුදානම්.

1. ඔබගේ අයවැය සැලසුම් කරන්න

විවාහ මංගල්‍යයට සම්බන්ධ වූ කාරණා වලට  මුහුණ දෙන විට, මුදල් විශාල වශයෙන් සැලකේ. අයවැයක් සැකසීම මගින් ඔබේ සැලසුම ආරම්භ කිරීම වැදගත් වේ. ඔබට කොපමණ වැය කළ හැකිද යන්න පිළිබඳව පැහැදිලි අදහසක් තිබිය යුතුය.

2. සම්බන්ධ වන්නන්

ඔව්, එය ඔබගේ විවාහ දිනය වේ. එහෙත් එය සමස්ත සිද්ධිය ගැනම සැලකිලිමත් විය යුතු එකම තැනැත්තා ඔබ බව අනිවාර්යයෙන්ම අදහස් නොවේ. ඇත්ත වශයෙන්ම ඔබට එය කළ නොහැක. ඒ සදහා ඔබට ඔබගේ යහළුවන්ගේ, ඔබේ නෑදෑයන්ගේ උපකාර පැතිය හැක. එය ඔබේ මානසික ආතතිය විශාල වශයෙන් අඩු කරනු ඇත.

3. ආතතියෙන් තොරව වැඩ කිරීම.

ඔබේ මංගල්‍යය දිනයේ වැඩ සැලසුම් කිරීමේ සිට සියල්ලක් ඔබ විසින් නිරීක්ෂණය කලයුතු බව සත්‍යයකි.ඒ නිසා ඔබ  ඒ වෙනුවෙන්  මානසික පීඩනයෙන් සිටිනවා  විය හැක. විද්වතුන්  පවසන පරිදි, නිති පතා ඔබගේ විවාහ මංගල්‍යය සැලසුම් මෙනෙහි  කිරීම නිසා ඔබේ මානසික  සෞඛයය මෙන්ම එහි ධනාත්මක  වෙනස්කම් ඇති කිරීමෙන් ඔබේ මනෝභාවය නංවාලීමට හැකිය. එමනිසා, ඔබේ විවාහ සැලසුම් කටයුතු  නිතිපතා සැලසුම් කරන්න.

4. මනස එක් තැන් කර ගන්න. ( භාවනා කරන්න )

ඔබ සන්සුන්ව සිටීමට හා ස්ථාවර කිරීමට නම් භාවනීය භාවය ආරම්භ කළ හැකිය. ඔබේ කාර්යබහුල කාල සටහනින් යම් කාලයක් ඒ  සඳහා වෙන් කර , ඔබේ ශ්වසන චක්‍රයට  අවධානය යොමු කරන්න. ඔබගේ හෘද ස්පන්දනය මන්දගාමී වන අතර ඔබේ මාංශපේශයන් සැලකිය යුතු ලෙස ලිහිල් වනු ඇත.

5. ඔබ ඔබ ගැනම හිතන්න

විශේෂයෙන් ඔබේ  විවාහ මංගල වේලාවේදී ඔබට  විනෝදයෙන් සහ සැනසිල්ලේ සිටීමට හැක්කේ කෙසේද?  සැමවිටම එය පහසු කාරණයක් නොවනු ඇත. ඒ සදහා ඔබේ කාළය වෙන් කර ගත යුතු අතර ඔබ සිටින්නාවූ බාහිර පරිසරයෙන් මදක් ඈත් වී හොද  ශරීර සම්බාහනයක ට හෝ ඔබගේ සමට ගැලපෙන පෝෂණීය  ෆෙෂල් එකක්  ලබා ගැනීමෙන් බොහෝ විට ඔබගේ මානසික මට්ටම  සමබරව තබා ගත හැකි හොඳම ක්‍රමය  වනු ඇත.

6. නොසලකා හරින්න ඉගෙන ගන්න

අපි කැමති හැම දෙයක්ම අපට ලබා ගත නොහැක. අපිට පුළුවන්ද? ඇයි  අපි කුඩා දේවල් ගැන හිතන්නේ ? විවාහ මංගල්‍යයක් සැලසුම් කිරීමේදී බොහෝ  ගැටළු පැන නගින්නේ ඇයි ? සියල්ල අංග සම්පුර්ණ මංගල උත්සවයක් ගැන  සිහින මවමින් ඔබ ඔබටම කරදර කරන්නේ මන් ද?මේ  සෑම දෙයක්ම නොසලකා හැර රැදී සිටීමට උත්සහා කරන්න.

7. ඔබට හැඟෙන දේ ලියන්න.

ඔබේ මනසට එන  යම් විශේෂිත දෙයක් තිබේ නම්, එය ලියන්න. ඔබේ හැඟීම් හා සිතුවිලි වලට මේ කාලය අතිශයෙන්ම විශ්ෂිතයි .

8. ඔබේ සමීපතමයෙක් සමග ඔබට දැනෙන දේ බෙදා ගන්න.

දුෂ්කරතාවන් අතරතුරදී ඔබගේ පීඩන මට්ටම සැලකිය යුතු ලෙස පහත වැටෙනු ඇත.සමහරවිට ඔබට නින්ද නොයෙන රාත්‍රීන් තිබිය හැක. එබැවින් ඔබට දැනෙන, සිතන සැම  දෙයක්ම  ඒ තැනැත්තා සමඟ ඒ දේවල් සියල්ල බෙදාගන්න.

9. ඇරෝමා තෙරපි සදහා යන්න නැතහොත් ඔබ සිටින්නාවූ කාමරය ඒ ආකාරයට සුදානම් කර ගන්න.

ඇරෝමා තෙරපි තුලින් ඔබට සහ ඔබේ මානසික සෞඛයය සමබර ව තබා ගැනීමට උපකාරී වේ.ඔබේ සමේ  සුවද තෙල් ( එසන්සල් ඔයිල්) ආලේප කිරීම හෝ ඔබේ කාමරයේ සුවඳ ඉටිපන්දම් තබා ගන්න. එයින් ඔබට සුවපහසු ලෙසත්, නිදහසක් බවක්  හැඟෙනු ඇත. ඒ සදහා ලැවෙන්ඩර්, බැසිල්, රෝස, jasmine, chamomile එසන්සල් ඔයිල් මේ අතරින්  බොහෝ ජනප්‍රිය වේ..

10. RELAX!

විවේක  ගන්න. ඔබ අලුත් ජීවිතයක්  ආරම්භ කිරීමටයි සුදානම් වන්නේ . ඒ නිසා, ඒ ගැන පමණක් සිතා බලන්න.

SHOPPING CART

close