සිහින් සිරුරකට උදවු කරන GREEN TEA නිවැරදිව භාවිතා කරමු

ඈත අතීතයේ ශතවර්ෂ ගණනාවකට පෙර සිට චීන හා ආයුර්වේද වෛද්ය විද්‍යාවේදී භාවිතා කරනු ලැබූ මෙම Green Tea මගින් ආහාර ජීර්ණයට උපකාර කිරීම ,තුවාල සුව කිරීම ,හෘද සෞඛ්‍ය වැඩිදියුණු කිරීම ,රුධිර සීනි මට්ටම ස්ථාවර කිරීම ,ජීර්ණය වර්ධනය හා මානසික ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කිරීම සිදුකරනු ලබන නිසා මෙම Green Tea සෞඛ්‍ය සම්පන්න පානයක් ලෙස හදුන්වාදිය හැකිය.

Green Tea යනු සෞඛ්‍ය සදහා ඉතාමත් ප්‍රයෝජනවත් වන ප්‍රතිඔක්සිකාරකයක් වන අතර එය catechins නමින් හදුන්වනු ලබන ප්‍රතිඔක්සිකාරක විශේෂයකි.මෙම catechins මගින් පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් කරයි.පැය 24ක කාලයක් පුරා සිදුකරන ලද පර්යේෂණ වලින් සොයාගෙන ඇති කරුණු වලට අනුව Green Tea මගින් ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය 4%කින් වැඩි කරලයි.අප ඇවිදීමෙන් වැය කරන කැලරි වලට වඩා දෙගුණයක් වැඩියෙන් Green Tea මගින් කැලරි දහනය කරනු ලබයි.

Green Tea වල කැෆේන් අඩංගු වීම නිසා EGCG සමග බලසම්පන්නව ක්‍රියාකරනවා වගේම හෝර්මෝන මට්ටම ඉහල නැංවීම නිසා මේද සෛල විනාශ කර එය රුධිරයට මුදාහැරීමට ශක්තිය ලබා දේ.

මහත අඩුකර ගැනීමට දවසකට කොපමන Green Tea ප්‍රමාණයක් පානය කළ යුතුද?

පැරණි තාක්ෂණික ක්‍රමයන්ට අනුව Green Tea කෝප්ප එකක catechins 120mg – 320mg පවතින අතර කැෆේන් 10mg – 60mg අතර පවතී.එක් දිනකට Green Tea කෝප්ප 2ක් හෝ 3ක් පානය කළ යුතුය.

Green Tea පානයට හොදම වෙලාව කුමක්ද?

Green Tea ඕනෑම වෙලාවක පානය කල හැකිය.එහෙත් උපරිම ප්‍රථිපල ලබාගැනීමට නම් ව්‍යායාම කිරීමට විනාඩි 15කට හෝ 20කට පෙර පානය කරන්න.විද්‍යාඥයින් පවසන ආකාරයට ඔබ ව්‍යායාම කිරීමට පෙර Green Tea පානය කිරීම තුලින් 17%කට වැඩි ප්‍රමාණයක් මේදය දහනය කරගත හැකිය.

Green Tea වල ඇති වෙනත් වාසි

පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් කිරීම හා මේද දහනය පමණක් මෙම Green Tea වලින් සිදුවනවා යැයි ඔබ සිතනවානම් එය වැරදි මතයකි.එම දෙකට අමතරව තවත් සෞක්‍යමය වාසි බොහොමයක් මෙහි ඇත.

දියවැඩියාව – Green Tea මගින් රුධිරයේ පවතින සීනි මට්ටම අඩු කරලයි.
හෘද රෝගය – Green Tea මගින් අධි රුධිර පීඩනය හා නැවැත්වීමට හා දරාගැනීමට උදවු කරයි.
කොලෙස්ටරෝල් – Green Tea මගින් නරක කොලෙස්ටරෝල් අඩු කර යහපත් කොලෙස්ටරෝල් අනුපාතය වැඩි කරයි.
සම ආරක්ෂණය – Green Tea වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් ශරීරයේ ඇති විෂ ද්‍රව්‍ය වලට එරෙහිව සටන් කර නිවැරදි හා පැහැදිලි සමක් ලබා දේ.

SHOPPING CART

close