AIRBRUSH MAKEUP TIPS

මානව මනස හැමවිටම පරිපූර්ණත්වයට ආශා කරයි.මේ නිසා සම්පුර්ණ ප්‍රථිපල ගත හැකි නිෂ්පාදන නිපදවයි.එය රූපලාවන්‍ය කර්මාන්තයේද පවතී.එසේ පරිපූර්ණ කරගන්නා ලද මනසකින් නිෂ්පාදනය කරන ලද නිෂ්පාදනයක් ලෙස Airbrush හදුන්වා දිය හැකිය.Sponge හා Brush භාවිතා කර සම්ප්‍රදායික ක්‍රමයට වැඩිය හොද ප්‍රථිපලයක් මෙම Airbrush මගින් ලබාගත හැකිය.මෙම Airbrush ගැන වැඩිදුර ඉගෙන ගැනීමට කැමති නම් මෙම ලිපිය කියවන්න.

01. Airbrush වායු පීඩනයෙන් ක්‍රියා කරයි.එම නිසා මෙය ඔබ makeup කිරීමට පෙර ජලය සමග පුහුණුවිය යුතුය.එමගින් ඔබට මෙහි විවිධ සැකසුම් හා භාවිතාකරන විධි පිළිබදව දැනුවත් විය හැකිය.

02. ඔබ Airbrush එක භාවිතා කිරීමට පෙර හිසකෙස් ඉහලට කර බැදගන්න.එමගින් ඔබට හිසකෙස් වලට වර්ණයන් මිශ්‍ර වීමෙන් වළක්වා ගත හැකිය.

03. මෙම Airbrush එක භාවිතා කිරීමේදී තවත් වැදගත් උපදේශයක් ඇත.මෙමගින් makeup spray කිරීම සිදුකරයි.

04 . මෙහි ඇති compressor එකෙන් එන වාතය මග පෙන්වීමක් ලෙස ඔබට භාවිතා කළ හැකිය.මෙම වාතය අනුගමනය කර makeup එක සිදු කරන්න.

05. ඔබ ඔබේ මුහුණට Airbrush මගින් makeup spray කරන විට අතේ දිගින් දිගටම අතේ රදවා තබාගත යුතුය.එසේ නොමැති වුවහොත් එක ප්‍රදේශයකට පමණක් වැඩිපුර spray වී සමහර ප්‍රදේශ වලට අඩුවෙන් spray විය හැකිය.අත ගමන් කරනා ඉරියව්ව එක රිද්මයකට පවත්වා ගත යුතුය.එවැනි චලනයක් භාවිතා කළහොත් හොද ප්‍රථිපලයක් ලබාගත හැකිය.

06. අනෙක් වැදගත් කරුණ නම් Airbrush එකේ හා මුහුණේ පවතින දුර ප්‍රමාණය පිලිබදව සැලකිලිමත් විය යුතුය.කැපීපෙනෙන පෙනුමක් ලබාගැනීමට අවශ්‍ය නම් Airbrush එක මුහුණට ලංකර තබා ගන්න.

07. Airbrush මගින් Foundation and Concealer ආලේප කරන්නේ නම් මුහුණේ සෑම අංශයක් සදහාම ඒකාකාරීව හැසිරවිය යුතුය.සමහරවිට ගොඩක් spray කළහොත් ගොඩක් ඝන ආලේපනයක් ලෙස පෙන්නුම් කරයි.තවද ඔබ විසින් ගොඩක් spray කළහොත් වියලීමට බොහෝ කාලයක් ගත වේ.

08. Airbrush විවිධ size වලින් පැමිණේ.එබැවින් මුහුණේ ලප හා වලවල් ඇත්නම් කෙටි brush එකක් භාවිතා කරන්න.එවැනි කටයුතු වලට මෙම Airbrush කාර්යක්ෂමව කටයුතු කරනු ලැබේ.

09. ඔබ වෙනත් කෙනෙකුගේ මුහුණට සිදුකරන්නේ නම් තදින් ඇස් වසාගෙන සිටීමට උපදෙස් දෙන්න.මුහුණේ මාංශ පේශි ලිහිල්ව තබාගෙන සිටිනා විට හොද ප්‍රතිඵලයක් ලබා ගත හැකිය.

10. දිගු කාලයක් ඔබගේ Airbrush එක හොදින් පවත්වා ගැනීමට එය පිරිසිදුව තබාගැනීම පිළිබදව අවධානය යොමු කරන්න.මෙහි gun එක හා bush හොදින් පිරිසිදුව තබා ගන්න.

11. මෙම Airbrush හොදින් පිරිසිදු කර ගැනීම සදහා පිරිසිදු ද්‍රවයක් භාවිතා කරන්න.උදාහරණයක් ලෙස වතුර වගේ makeup නිෂ්පාදන භාවිතා කලේ නම් එය පිරිසිදු කිරීමට ජලය භාවිතා කළ හැකිය.

වෘත්තීය රූපලාවන්‍ය ශිල්පීන් බොහොමයක් මෙම Airbrush භාවිතා කරනු ලබයි.සාමාන්‍ය රූපලාවන්‍ය ශිල්පීන්ටද මෙය භාවිතා කල හැකිය.

SHOPPING CART

close