HAIR SPA TREATMENT කිරීමේ ඇති වාසි

සෞඛ්‍ය සම්පන්න කෙස් වලින් පුද්ගලයකුගේ අභ්‍යන්තර සෞඛ්‍ය පිළිඹිබු කරයි.අදුරුපැහැ ගැන්වුණු කෙස් හා සුදු කෙස් ඇතිනම් ඔබගේ අභ්‍යන්තර සෞඛ්‍ය යහපත් නොවන බව හදුන්වා දිය හැකිය.මෙසේ වීමට හේතු ලෙස නරක ආහාර පුරුදු ,අධික ආතතිය ,අහිතකර ඉන්ද්‍රියන් හදුන්වා දිය හැකිය.හිසකෙස් සෞඛ්‍ය සම්පන්න කිරීමේ ක්‍රම ගණනාවක්ම දක්නට ලැබේ.මේවයේ ප්‍රතිලාභ සමහරක් මෙහි දක්වා ඇත.

හිසකෙස් සෞඛ්‍ය සම්පන්න කරගමු

01. ඔබගේ හිසකෙස් වලට ඔබ ඉතා හොදින් සත්කාර කරනු ලබන්නේ නම් ඔබගේ හිසකෙස් සෞඛ්‍ය සම්පන්නව පවතින බව ඉතාමත් පැහැදිලිය.සෞඛ්‍ය සම්පන්න බවේ බොහෝ ප්‍රතිලාභ තිබුනත් වර්තමානයේ බොහොමයක් හිසකෙස් වර්ණ ගන්වා විවිධ අලංකරණ කටයුතු සිදුකරනු ලබයි.මෙසේ සිදුකරනු ලබන හිසකෙස් හානි වීමෙන් වැලැක්වීමට හා හිසකෙස් වල තැන්පත් වී ඇති දූවිලි වැනි අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් කර ගැනීමට Hair Spa Treatment උපකාර කරනු ලබයි.මෙමගින් හිසකෙස් හොදින් වැවීමට උපකාර කරනවා වගේම සුමුදු දිදුලන කෙස් කලබක් ලබාගත හැකිය.

02. මෙමගින් හිසකෙස් ශක්තිමත් කරන අතර නැවුම් තරුණ කෙස්කලබක් ඔබට ලබා දේ.මෙමගින් හිස් කබල හා හිස් කබලෙහි ඇති සිදුරු හොදින් පිරිසිදු කර පෝෂණයක් ලබා දී සජීවී පෙනුමක් ලබා දේ.

03. මෙමගින් හිස්කබලේ වියළුණු ස්වභාවය නැතිකර හිස්හොරි නැති කිරීමට උදවු කරයි.

04. මෙම ප්‍රතිකර්මය හිස්කබලේ රුධිර සංසරණය වැඩි දියුණු කිරීම සදහා උපයෝගී කරගන්නා විශේෂිත ක්‍රමයකි.ඒ වගේම හිසේ පැවතිය යුතු තෙල් ස්වභාවය සාමාන්‍ය කර දිදුලන කෙස් කලබක් ලබා දේ.

වසා පද්ධතිය

මෙම වසා පද්ධතිය අප සිරුරේ පවතින වෙනම සංසරණය වන පද්ධතියක් ලෙස හදුන්වා දිය හැකිය.මෙම පද්ධතිය අපගේ රුධිර සංසරණ පද්ධතිය මෙන් නොව අපගේ ශරීරයේ ඇති විෂ ද්‍රව්‍ය ඉවත් කිරීම සදහා උපකාර කරන පද්ධතියකි.වසා ගැටිති අවහිර වී ඇත්නම් ඒවා විවර කළ යුතුය.යෝග වලද භාවිතා කරනු ලබන විශේෂිත ක්‍රමයකි.කෙසේ වෙතත් මෙම Hair Spa Treatment මගින් වසා ගැටිති සංසරණය වැඩි දියුණු කරලයි.මෙය සම්භාහනය කිරීමේදී ඉතාමත් සෙමෙන් සම්භාහනය සිදුකල යුතුය.මෙම සම්භානය සෘජුවම සිදු නොකලද මෙම සම්භානය මගින් වසා ගැටිති ඇති මුහුණේ හා ගෙලෙහි විවිධ ප්‍රදේශ ආවරණය කරනු ලබයි.සමස්ථයක් විදිහට ගත් කල මෙම Hair Spa Treatment ශරීරයේ විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමට හා ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කිරීම සදහා උපකාර කරලයි.

SHOPPING CART

close