SUPPLEMENT ගැන දැනුවත්ද?

මොනාද මේ Supplement ?

වර්ථමානයේ බහුලව භාවිතා වන වචනයක් ලෙස Supplement හදුන්වා දිය හැකිය.අප අද ඒ පිළිබදව කතා කරමු.Supplement  කියන්නේ අප ගන්නා ආහාර වල පෝෂණය වෙනුවට ගත හැකි අතිරේක ආහාර වලටයි.අප දිනකට ගන්නා ආහාර වල පැවැතිය යුතු පෝෂණ කොටස් 91 නොමැති වීම හා අප ලබා ගන්නා ආහාර වල ප්‍රතිඔක්සිකාරක නොමැති වීම නිසා මෙම අතිරේක ආහාර ගැනීම ශරීරයට අවශ්‍ය වෙනවා.ඒ වගේම අප අද හුරුව සිටින ආහාර රටාව ගත් විට අප බොහොමයක් ආහාරයට එකතු කර ගන්නේ වස විෂ පිරුන ආහාරයි.ඉස්සර කාලේ වගේ කොස් පොලොස් අල වර්ග පළා වර්ග ඇට වර්ග ආහාරයට එකතුකර ගැනීම වර්ථමානයේ සිදු නොවේ.වර්ථමානයේ අප ගන්නා ආහාර නිසා ශරීරයේ පිරෙන විෂ වර්ග ඉවත් කිරීම සදහාද මෙම Supplement එකතු කර ගැනීම ඉතාමත් අවශ්‍ය වේ.

ඒ වගේම ඔබ ගන්නා Supplement කෘතිම නොවිය යුතුයි.ඒ මොකද කිවහොත් කෘතිම Supplement වලින් ශරීරයට අවශෝෂණය වන්නේ 15%ක් පමණි.ස්වභාවික Supplement වලින් 95%ක් ශරීරයට අවශෝෂණය වේ.එම නිසා ඔබ Supplement භාවිතා කරනවානම් ගණන් ටිකක් වැඩි වුනත් ස්වභාවික Supplement භාවිතා කිරීමට වගේම ගුණාත්මක භාවය පිළිබදව සැලකිලිමත් වන්න.ඒ වගේම Supplement ගැනීමේදී ඔබගේ පෝෂණ ඌණතාවය දැනගෙන පාවිච්චි කිරීමට වගබලා ගන්න.ඒ වගේම ඔබ Supplement භාවිතා කරනවානම් පහත සදහන් ආහාර නොගෙන සිටීමට වගබලා ගන්න.ඒ වගේම මෙම ආහාර අනුභව නොකිරීම තුලින්ම ඔබට නිරෝගී සිරුරක් හිමිකරගත හැකිය.

1.බාබිකියු කරන ලද ආහාර

2.පාන් පිටි

3.ගැඹුරු තෙලේ බදින ලද ආහාර

4.මාගරින්

5.කාබනේටඩ් බීම වර්ග

6.කෘතිම රසකාරක

7.කෘතිම මස් වර්ග

ඒ වගේම දිනකට පැය 6ක් වත් නිදාගන්න.රාත්‍රී 11.00 සිට පාන්දර 2.00 දක්වා නිදාගැනීම අනිවාර්ය වේ.ඒ කාලසීමාව තුලදී ශරීරයේ විෂ හරණය ක්‍රියාවලිය සිදු වේ.මෙම නිරෝගී ජීවිතයකට අවශ්‍ය පුරුදු භාවිතා නොකරන රෝගී පුද්ගලයන් සදහා මෙම Supplement භාවිතය සුදුසුය.එනම් ආහාර ජීර්ණය සහ අවශෝෂණය නිවැරදිව සිදු නොවන පුද්ගලයෙක්නම් ඔබට මෙම Supplement භාවිතය සුදුසුය.එය රෝග සුව කිරීමට මෙම Supplement භාවිතය උපයෝගී වනු ඇත.

SHOPPING CART

close